DADDY LIVE BACK ON STAGE \ Concert Sinhala
CONCERTSinhala
190mins

Summary

Synopsis

AGASTRA presents
DADDY LIVE BACK ON STAGE
ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට පෙර පහත උපදෙස් අනිවාර්යයෙන් කියවන්න.
Please read the instructions below before purchasing tickets.
නීතිරීති සහ උපදෙස්.
මෙම ප්‍රසංගය ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය හරහා පමණක් වෙන්කරගත හැකිබව කරුණාවෙන් සලකන්න.
ආරක්ෂක හේතුන් මත කිසිදු අයුරකින් එදින දොරටුවෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත නොහැක. ප්‍රසංගය පැවැත්වෙන දින දහවල් 12ට අන්තර්ජාල ප්‍රවේශපත්‍රය නිකුත්කිරීම අවසන් වේ. කරුණාකර ඉහත දක්වා ඇති කාලයට පෙර ඔබගේ ප්‍රවේශ පත්‍රය වෙන්කරවාගන්න.
මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර ඔබට අන්තර්ජාලය හරහා ගෙවීම් කර නිවසට ගෙන්වාගැනීමේ පහසුකම යටතේ පමණක් ලබාගත හැකි බව කරුණාවෙන් සලකන්න. සෞඛ්‍ය හේතුමත මුදල් භාවිතය අවම කිරීම සඳහා සහ අපගේ පාරිභෝගික භවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය අප ආයතනය විසින් ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.
කෙටි පණිවිඩ සහ ජංගම දුරකතනයේ සඳහන් ප්‍රවේශපත්‍ර වලංගු කිරීමක් එදිනට කිසිදු අයුරකින් සිදුනොවන අතර එම කරුණ සෞඛ්‍ය අංශ විසින් පනවා ඇත්තේ ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් වීම නිසා වේ.
ප්‍රවේශ පත්‍රය සැමග ඔබට ඒවා ඇති පෝරමය / පෝරම ඔබ / ඔබ සමග එන සියලු දෙනා ප්‍රසංගයට පැමිණීමට පෙර නිවැරදිව පුරවා එදින දොරටුවේදී අපට ලබාදෙන්න. කිසිදු අයුරකින් සන්විධායකයන් හෝ අප ආයතනය ඔබට ලබා දී ඇති පෝරමය පිරවීම සඳහා පහසුකමක් එදින දොරටුවේදී සලසා නොමැති අතර නිවැරදි ලෙස පෝරමය පුරවා ඇති පාරිභෝගිකයන් පමණක් ප්‍රසංගය සඳහා ඇතුලත් කරගනු ලැබේ.
වයස අවුරුදු 6ට වැඩි දරුවන් එක් පුද්ගලයෙකු ලෙස සලකනු ලබයි.
ඔබගේ අන්තර්ජාල ප්‍රවේශ පත්‍රයේ සඳහන් පරිදි ලියාපදිංචි වී ඇති පුද්ගලයා සහ අනෙකුත් පිරිස් පමණක් අනිවාර්යයෙන්ම පිරිස සමග පැමිණිය යුතුය.
ඔබ සියලුදෙනාගේ ජාතික හැඳුනුම් පත රැගෙන එම අනිවාර්ය වේ.
ඔබ සමග එන අනෙක් සියලු දෙනාගේ වගකීම ඔබ සතු වේ.
ප්‍රසංගය සඳහා කොරෝනා වයිරස් ආසාධිතයන්ව සිටි, නිරෝධායනයට ලක්වන පිරිස්, නිරෝධායනයට ලක්වූ පිරිස් සහ එම ආශ්‍රිත පුද්ගලයන් අසුරුකල අයවලුන් , ඔබ රැගෙන එන පිරිස් තුල නොසිටිය යුතුය.
ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ඔබ ලබාදුන් තොරතුරු ඔස්සේ මේ පිළිබඳව නිරන්තර සෝදිසියකට ලක්කරන අතර එවන් පුද්ගලයන් සහ පිරිස් නිරෝධායනය පනත ඔස්සේ අත්අඩංගුවට ගැනීමට බලතල ඇත.
ඔබ ප්‍රසංගය නැරඹීමට ඇතුළුවන්නේ ආරක්‍ෂිත කලාපයකට සහ සෞඛ්‍ය අංශ විසින් දැඩි පරික්ෂාවකට ලක්වන ප්‍රදේශයකටයි.
ප්‍රසංගයට පැමිණෙනවිට ඔබගේත් අන් අයගේත් ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ පරික්ෂාවන්ට අනුගත වන්න.
සැමවිටම පනවා ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වන්න.
සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්යවේ.
ප්‍රසංගය අවසන් වනතෙක් ඔබ වාඩිවී සිටින ස්ථානයෙන් පිටතට ගමන් නොකිරීමට සැමවිටම වගබලා ගන්න.
ඔබ වාඩිවී සිටිනා ස්ථානයෙන් පිටත සිටින පිරිස් වෙත ගමන් කිරීම සපුරා තහනම් වේ.
ප්‍රසංගය සවස 7.30 ට ආරම්භ කිරීමට නියමිතය. මෙම වෙලාව එම අවස්ථාවේ පවතින තත්වයන් තුල සුළු වෙනස්වීමකට ලක්විය හැක.
ආරක්ෂක පියවරයන් සහ පරීක්ෂාවන් සඳහා සියලු දෙනා අනුගත වියයුතු වන අතර ඒ සඳහා යම් කාලයක් වැයවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.
මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ සියලු ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකුලව බැවින් ඔබ සියලු දෙනා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් එම අයුරින් පිළිපැදිය යුතුවන අතර එසේ නොවන අයවලුන් සෞඛ්‍ය අංශ පරීක්ෂාවෙන් පසු ප්‍රසංග භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
පරිශ්‍රය තුලදී අදාළ වෙළඳසල වෙත ගොස් ඔබට අහාර සහ සිසිල් බීම ආදිය මිලදී ගැනීමට අවස්ථාවක් නොලැබේ. කසල බැහැර කිරීමට කිසිදු අවසරයක් පරිශ්‍රය තුල නොමැති අතර සියලු කසල ද්‍රව්‍ය ඔබ සමගම රැගෙන යන්න.
දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් වේ.
ආරක්ෂක අංශ මේ කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතර ආරක්ෂක අංශ සඳහා සහයෝගය නෙදෙන සහ උපදෙස් පිළිනොපදින අයවලුන් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කොන්දේසි විරහිතව නීතිමය බලතල ඇත.
ප්‍රවේශ පත්‍රය මිලදීගත් පසු කිසිදු අයුරකින් ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ලබාදීමක් හෝ ටිකට් පත්‍රය අයත් කාණ්ඩය වෙනස් කිරීමක් කිසිදු අයුරකින් සිදු නොකරනු ලැබේ.
අප ආයතනය මෙම ප්‍රසංගයේ නිල අන්තර්ජාල ප්‍රවේශපත්‍ර නියෝජිත ආයතනය වන අතර ප්‍රසංගයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි. උත්සව සංවිධායකයන්, ආරක්ෂක අංශ සහ සෞඛය අංශවල තීරණය අවසාන තීරණය වන අතර ඉහත උපදෙස් වලට අනුගතනොවීම තුල ඔබට ඇතිවන අපහසුත්වයන්ට මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.