BNS Drive in Concert \ Concert Outdoor
CONCERTOutdoor
120mins

Summary

Synopsis


BNS Drive in Concert
ft. Umaria, Wasthi & Yohani.
Presenting Partner Dialog
In association with TV Derana , Show Town Entertainment.
Official Online Ticket Partner - MyTicketsLK
In aid of ITUKAMA FUND.

Terms & Conditions - Updated ( 23-05-2020 7.45 a.m)
කොන්දේසි
1. මෙම අන්තර්ජාල ප්‍රවේශ පත්‍රය එක වාහනයක් සඳහා පමණක් වලංගු වේ.
2. ආරක්ෂක ක්‍රමවේදයන් හිදී සියලු දෙනාගේ පහසුව පිණිස එකවරකදී එක් වාහනයක් සඳහා එක් ප්‍රවේශපත්‍රයක් පමණක් ලබාගන්න.
3. ප්‍රවේශපත්‍රය ලබාගැනීමේදී ඔබ ඇතුලත් කරන තොරතුරු වල ( වාහන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ප්‍රවේශපත්‍රය ලබාගත් වාහන වර්ගය ආදී...) සඳහන් පුද්ගලයන්ට සහ වාහන වලට පමණක් ප්‍රසංගය පැවැත්වෙන පරීශ්‍රයට වහනය ඇතුලත් කිරීමට හැකියාව ඇත.
4. වෙනත් පුද්ගලයන් හෝ වාහන සඳහා ඔබ ටිකට්පත් වෙන්කිරීම නොකළ යුතුය.
5. ආරක්ෂක හේතුන් මත කිසිදු අයුරකින් එදින දොරටුවෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත නොහැක. ප්‍රසංගය පැවැත්වෙන දින දහවල් 12ට අන්තර්ජාල ප්‍රවේශපත්‍රය / ඇඳිරිනීති අවසරපත් නිකුත්කිරීම අවසන් වේ. කරුණාකර ඉහත දක්වා ඇති කාලයට පෙර ඔබගේ ප්‍රවේශ පත්‍රය වෙන්කරවාගන්න.
6. මෙම අන්තර්ජාල ප්‍රවේශපත්‍රය නිකුත් කිරීමේදී වාහන වර්ගීකරණය කර ඇත්තේ ලියාපදිංචි වාහනය කාණ්ඩය යටතේ නොව ප්‍රසංග සංවිධායකයන් විසින් වාහන වර්ගකිරීම අනුවය. මේ සඳහා උපයෝගීකරගෙන ඇත්තේ වහනයේ දිග, උස, පළල ආදී පරවිතරයන් අනුවය. උදාහරණ ලෙස ඒ ඒප්‍රවේශ පත්‍ර කාණ්ඩය අනුව අදහස් කෙරෙන වාහන කාණ්ඩය ප්‍රවේශපත්‍රය මිලදීගැනීමේදී අප විසින් සඳහන් කර ඇත. කරුණාකර එම නිසා ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමට පෙර මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන්න.
7. යම් ලෙසකින් වැරදි වාහන කණ්ඩයක් සඳහා ඔබ ප්‍රවේශ පත්‍රය මිලදී ගතහොත් ප්‍රසංගය භූමියට වාහනය ඇතුල්කිරීමේ සිට ප්‍රසංගය නරඹා ඉන් පිටව යනතෙක් ඇතිවිය හැකි ගැටළු සම්භන්දයෙන් අප ආයතනය වගකීමක් නොදරනු ඇත. තවද අමතර ගෙවීමකට ද යටත් විය හැක.
8. එක් එක් වාහන කාණ්ඩය අනුව ඉදිරිපස අසුන් දෙක සමග පැමිණිය හැකි උපරිම සීමාව දක්වා දක්වා ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති රෙගුලාසි වලට යටත්ව වේ. නමුත් ඉදිරිපස අසුන්වල දෙදෙනාට හැර අන් අයට ප්‍රසංගය පැහැදිලිව නැරඹීමට ඇති හැකියාව පිළිබඳව අප ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.
9. කැබ් රථ ආදී පොදු ප්‍රවාහන මාර්ගයන් හැර ඔබගේ ප්‍රවේශ පත්‍රයේ තොරතුරු ඇතුලත් පුද්ගලික වාහනය පමණක් මෙම ප්‍රසංගයට පැමිණීමට භාවිතා කරන්න.
10. ආරක්ෂක හේතුන් මත ඔබගේ අන්තර්ජාල ප්‍රවේශපත්‍රයේ මුද්‍රිත පිටපත සමග ජාතික හැඳුනුම්පත ආරක්ෂක අංශවෙත ඉදිරිපත් කරන්න.
11. ඔබ ලබාගත් ප්‍රවේශ පත්‍රය අනුව ඔබගේ වාහනයට වෙන්කර ඇති කොටසේ වාහනය නැවත්වීම සිදු කරනු ලබන්නේ ඔබ පැමිණෙන පිළිවෙල අනුවය.
12. ප්‍රසංගය ශ්‍රවණය කිරීමට ඔබගේ වාහනය තුල එෆ්.එම් සංඛ්‍යාත සහිත (88-108 MHZ ) ගුවන් විදුලි යන්ත්‍රයක් සහ ශබ්දවාහිනී උපකරණ වලින් සමන්විය යුතුවේ.
13. ඇඳිරිනීති කාලය තුලදී මෙම ප්‍රසංගයට යාමට සහ ඒමට අවසර පතක් ලෙස මෙම අන්තර්ජාල ප්‍රවේශපත ආරක්ෂක අංශ විසින් පිළිගෙන ඇත. එම නිසා මෙම ප්‍රවේශ පත්‍රයේ මුද්‍රිත පිටපතක් ලඟතබා ගන්න.
14. පවතින ඇඳිරිනීති තත්වයන් සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රසංගය බස්නාහිර පළාතේ සිටින ජනතාව වෙත සිමාකොට ඇත. නමුත් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ වල විශේෂ අවසර මත තමන්ගේ අභිමතය පරිදි මෙමෙ ප්‍රසංගයට පැමිණීමට අනෙක් පළාත්වල ජනතාවට හැකියාව ඇත. එම අවසර පුද්ගලිකව ඔබ විසින් එම අංශ වලින් ලබාගත යුතු අතර අප ආයතනය හෝ සංවිධායකයන් එම කරුණ සම්භන්දයෙන් කිසිදු ලෙස මැදිහත්වීමක් හෝ වගකීමක් නොදරයි.
15. වාහනයේ ගමන්කල හැකි පිරිස (දරුවන් සමගින්) උපරිම සීමාවකට යටත්කොට ඇත. එම නිසා දක්වා ඇති ප්‍රමාණයට වඩා අමතර පුද්ගලයන් රැගෙන එම සපුරා තහනම් වන අතර එසේ රැගෙන පැමිණෙන පුද්ගලයන් සඳහා එක අයකුගෙන් (දරුවන් සමගින්) රුපියල් 5000/= ක මුදලක් අමතරව එම ස්ථානයේදී අයකරනු ලබන අතර පරිශ්‍රයට යාමට පෙර වහනයට සහ සියලු පුද්ගලයන්ට අමතර අවසරයක් සෞඛ්‍ය අංශ වෙතින් ලබාගත යුතුවේ.
16. ප්‍රසංගය සවස 5.00 ට ආරම්භ කිරීමට නියමිතය. මෙම වෙලාව කාලගුණය ඇතුළු එම අවස්ථාවේ පවතින තත්වයන් තුල සුළු වෙනස්වීමකට ලක්විය හැක.
17. මෙම ප්‍රසංගයට පැවැත්වෙන්නේ අධි ආරක්‍ෂිත කලාපයක බැවින් පැමිණෙන සියලු දෙනා සහ වාහන දැඩි පරික්ෂාවකට ලක් කරනු ලැබේ. එබැවින් කල්වෙලා ඇතිව ( පැයකට පමණවත් පෙර) ප්‍රසංගය සඳහා ප්‍රවේශවන මාර්ගයට වාහන ඇතුලත් කරගැනීමට කාරුණික වන්න.
18. ආරක්ෂක පියවරයන් සහ පරීක්ෂාවන් සඳහා සියලු දෙනා අනුගත වියයුතු වන අතර ඒ සඳහා යම් කාලයක් වැයවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.
19. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ සියලු ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකුලව බැවින් ඔබ සියලු දෙනා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් එම අයුරින් පිළිපැදිය යුතුවන අතර එසේ නොවන අයවලුන් සෞඛ්‍ය අංශ පරීක්ෂාවෙන් පසු ප්‍රසංග භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
20. ඔබගේ වාහනය ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුලත් කල පසු නැවත ප්‍රසංගය අවසන් වී පරිශ්‍රයෙන් බැහැරවන තෙක් කිසිදු හේතුවක් මත වාහනයෙන් බැස ඉවතට ගමන් කිරීමට අවසර හිමි නොවේ. එබැවින් පරිශ්‍රයට ඇතුල් වීමට පෙර ඔබගේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු පමණක් වාහනය පරිශ්‍රය තුලට ඇතුළු කරන්න.
21. පරිශ්‍රය තුලදී ඔබට අහාර සහ සිසිල් බීම ආදිය මිලදී ගැනීමට අවස්ථාවක් නොලැබේ. අවශ්‍යනම් පිටතින් අහාර සහ සිසිල් බීම වර්ග රැගෙන ඒමට අවසර ඇත.
22. කසල බැහැර කිරීමට කිසිදු අවසරයක් පරිශ්‍රය තුල නොමැති අතර සියලු කසල ද්‍රව්‍ය ඔබ සමගම රැගෙන යන්න.
23. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් වේ.
24. ආරක්ෂක අංශ මේ කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතර ආරක්ෂක අංශ සඳහා සහයෝගය නෙදෙන සහ උපදෙස් පිළිනොපදින අයවලුන් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කොන්දේසි විරහිතව නීතිමය බලතල ඇත.
25. ප්‍රවේශ පත්‍රය මිලදීගත් පසු කිසිදු අයුරකින් ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ලබාදීමක් හෝ ටිකට් පත්‍රය අයත් වාහන කාණ්ඩය වෙනස් කිරීමක් කිසිදු අයුරකින් සිදු නොකරනු ලැබේ.
26. අප ආයතනය මෙම ප්‍රසංගයේ නිල අන්තර්ජාල ප්‍රවේශපත්‍ර නියෝජිත ආයතනය වන අතර ප්‍රසංගයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.
27. උත්සව සංවිධායකයන්, ආරක්ෂක අංශ සහ සෞඛය අංශවල තීරණය අවසාන තීරණය වන අතර ඉහත උපදෙස් වලට අනුගතනොවීම තුල ඔබට ඇතිවන අපහසුත්වයන්ට මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.

Terms & Conditions
1. This online ticket is valid only for one vehicle.
2. For security convenience for all, take one ticket at a time.
3. Only the people and vehicles listed in the information you enter when purchasing the ticket (vehicle number, national identity card number, type of vehicle purchased, etc ...) can enter the premises where the concert is being held.
4. You should not reserve tickets for other people or vehicles.
5. Due to security reasons, tickets cannot be reserved at the gate on that day. Issuance of online ticket / curfew permits ends at 12 noon. Please reserve your ticket ahead of time.
6. At the time of issue of the ticket, vehicles were not classified under the Registered Vehicle category but were classified by the concert organizers. The length, height and width of the roof can be used for this purpose. For example, we have mentioned the category of vehicles that are meant for each ticket type when purchasing the ticket. Please pay attention to this matter before purchasing a ticket.
7. If you buy a ticket for the wrong vehicle, we will not be liable for any problems that may arise from entering the vehicle to the concert premises. You may also be subject to additional payment.
8. The maximum limit that can be reached with the two front seats in each vehicle category is subject to regulations issued by the ministy of health. However, we do not take any responsibility for the ability to see the concert clearly except for the two front seats.
9. Use only the private vehicle with your ticket information to attend the concert, except for public transportation such as cabs.
10. For security reasons, submit the National Identity Card to the Security Division along with a printed copy of your online ticket.
11. Your vehicle is allowed to park only in the allocated section for your ticket, and it will be in order of the arrival to the premises on the day.
12. To listen to the concert you must have an FM frequency (88-108 MHZ) radio and relevant sound system in your vehicle.
13. This online ticket has been accepted by the security forces as a permit to go to the concert during the curfew. Please keep a printed copy of this ticket with you.
14. Due to the prevailing curfews and health care measures, the show has been limited to people in the Western Province. But people from other parts of the country can attend the concert at their discretion with special permission from the security and health sectors. You must obtain the permission from those sectors in person and our company or organizers are not responsible for the matter.
15. Vehicle passengers (with children) are subject to a maximum limit. Therefore, it is strictly prohibited to carry additional persons beyond the permitted limit. For such persons, an additional charge of Rs. 5000 will be charged at the entrance and those passengers and the vehicle must obtain special permission from the relevant health authorities before entering the premises.
16. The concert is scheduled to start at 5 pm. The time may vary slightly due to the weather / Unavoidable circumstances.
17. The concert is held in a high-security zone and all the vehicles and passengers are subject to a rigorous inspection by security forces. So please be there early (at least one hour prior) to get entered your vehicles to the entrance.
18. Please note that security measures and inspections must all be adapted and may take some time.
19. Since the concert is held in accordance with all health and safety procedures, all of you must follow the instructions provided by the health authorities, and those who do not will be removed from the concert area after the inspection by the health authorities.
20. Once your vehicle is entered into the airport premises, it is not permitted to walk away from the vehicle for any reason until the concert is over and exiting the premises. Therefore, enter your vehicle into the premises only after all your requirements have been met.
21. You will not have the opportunity to buy food and soft drinks in the premises. Food and soft drinks are permitted to bring from outside if desired.
22. There is no permission to dispose of garbage on the premises. Please refrain from doing so.
23. Smoking and alcohol usage is strictly prohibited.
24. The security forces are paying close attention to these matters and have powers to evict those who do not support or disobey the security forces.
25. No refund or changes ( upgrade or downgrade the face value of the ticket) will be made after the ticket is purchased.
26. We are (My Tickets Pvt Ltd) the official online ticketing partner of the event and My Tickets will not take any responsibility for the event organizing.
27. The decision of the event organizers, security and health authorities is final and My Tickets is not responsible for any inconvenience caused to you by not adhering to the above instructions.

Colombo Air Port - Rathmalana

30th May 2020

Drive in Mini (Max 4 Persons Allowed) - Rs.5,000.00

Drive in Family (Max 4 Persons Allowed) - Rs.6,000.00

Drive in Max (Max 6-8 Persons Allowed) - Rs.7,000.00